Sunday, June 26, 2011

18. දායාද නොඉල්ලීම !



- මෝටර් රියෙන් ඉගිල්ලෙන අප්පච්චිගේ රූපය
  පැල්පතේ කවුළුවෙන් අම්මා පුතාට පෙන්නුවාය -


වනේ පලා රජ බොජුනක් සේ වලඳන                          අම්මා
බොර වතුරත් තේකහටයි සෙනෙහස නැත                  නිම්මා
සැඩ අව්වේ ගිනි ජාලා උහුලන අපෙ                            අම්මා
අප්පච්චී කියන්න මට කළු දැයි මේ                             අම්මා


කොමළ අනගි නෑ අත්පා වැරදී                 ද
මල් යහනක සැතපී නෑ වැරදී                    ද
සුවඳ බොජුන් ඉල්ලුවෙ නෑ වැරදී              ද
මන් වැදුවා අපෙ අම්මා වැරදී                    ද


කැලේ බිඳන් බමරු ආවා නොබැලුවෙ අපෙ            අම්මා
බෑ නොකියා තුන් තිස් පැය මෙහෙ කෙරුවෙත්        අම්මා
කොයි කාලෙත් ඇවිද ඇවිද පලවැල නෙළු              අම්මා
හීනෙන්වත් ඉඳුල් නොකර කොයි පුතුටත්              දුන්නා


චීත්තය ම අඳිනා සඳ වැරදි ද අපෙ                        අම්මා
රන් මාලිග හුරු නැති වුණි වැරදි ද අපෙ                අම්මා
කටුමැටි ගේ බඩගින්නේ හැදුණෙන් අපෙ             අම්මා
මේ භවයෙත් තනි වුණා ද අප්පච්චියෙ                  අම්මා ...........

No comments:

Post a Comment