Saturday, June 25, 2011

13. රැකියා විරහිතයාගේ කවිය !



සාලයේ
බිත්තිවල මස්
ගැලවිලා ඇත පලුපිටින්


කුස්සියේ පැත්තක්
කඩා වැටී ඇත පිළිකන්නට
නටඹුන් සෑයක් සේ ම


කැණිමඩලේ දිගු බෙල්ල
පිපිරිලා හත්කඩට
ඉඩෝරේ වැව් පතුල සේය


අතීතය වගේ
දියවෙලා සිමෙන්තිය
පෑගේය දෙපයට


වැසිකිළියෙ දොර
ඉදිරිලා වැටී ඇත
ගසක් සේ මග හරහට


අම්මේ තාත්තේ
ධනුද්ධරය මන් දඹදිවට ම
දහසක් වැදි රජුන් පරදා
තක්සලාවේ සිට පැමිණුණ
මේ අපේ පුන්චි ගෙදර
අලුත්වැඩියා කරන
කිසි ම ශිල්පයක් නොදන්න ! 

No comments:

Post a Comment