Monday, June 27, 2011

33. දේවදත්තගේ ගාථා පහ !



මුහුණ සමග නොව
නුඹ වහන්සේ සමග තරහින්
මම මගේ නහය කපා ගතිම්


අපායෙන් චුත ව අද
නුඹ වහන්සේ හොයාගෙන
පිම්මේම ගල්විහාරෙට ආවෙම්


නයිලෝන් මකුළු දැලක
පැටලුණූ අතීතයක මතක මිස
නුඹ වහන්සේ පුදන්නට
මම තවම අලුත් ගාථාවක් හොයාගෙන නැතියෙම්


ඇතා, වඳුරා මෙන්
මීවඳ, උක්ඳඩු හොයාගෙන
මේ පාරිලෙ‍ය්ය වනයට
දන් පිණීස කොහොම මම ගෙනෙම්
එක දවසක් නොව
එදා සිටම මට
ගල් පෙරළනා හෙයින් තවමත්


ලෝකයම වෙනුවෙන් පිපුණ
නුඹ වහන්සේට නොවඳින
මේ අත් දෙක
ඇත්තටම කොස් කොටන්ට ද ඉතිං


මේ කවි අහුලාන මින් මතු ව 
උදේ හවස හැමදාම මම
නුඹ වහන්සේට වඳිම්

3 comments:

  1. නියමයි සමිත අයියා..... සුබ පැතුම් මල් මිටක් ඔන්න මගෙන්
    [samee]

    ReplyDelete
  2. ලස්සනයි අයියා😍

    ReplyDelete