Saturday, June 25, 2011

10. හිඟුරානේ අක්කා



අලුයම ම 
හීනයෙන් අවදි වන්නී.
මහ මුහුද ගොඩගලන උක්මෝලෙට 
නගරයේ බස්රියක් සේ ම දුවන්නී.
විදුලි මෝටරයක් වී
නොනැවතී
මැෂිම ළඟ කරකැවෙන්නී.

උක්දඬු අත්වලින්
සීනි කැට සිහින තනන්නී.
ප්ලේන්ටියක දිය වී
හිමි ළඟට යන්නී.

ෆැක්ටරියේ
දුම්කවුළු වියසිදුරින්
සඳ පේන අස්විද නැකතට 
හෙට දිනට යන තාර පාර
දූවිලි කඩතුරා පීරලා පීරලා
හොයන්නී.

සංගුව කට අයා
වැඩමුරය නිමා කරන කොට කෑ ගසා
රාත්‍රියේ
කළුවර ගල්ගුහාව දකින්නී.

බස්රියේ දී
අඬුමිටි අත්වලට
තැලී, පොඩිවී
බෙලෙක් පිඟානක් වෙන්නී.
ඕ තොමෝ
බත් පිඟානක් වී
දරුවන් ළඟට වඩින්නී.

No comments:

Post a Comment