Sunday, June 26, 2011
25. මල
පිපී ඇත
සුදු පාටට
එක ම එක මලක්
මහපොළොවෙ තෙත පපුව මත
බුදු පාමුල වැඳවැටී
ප්‍රජාපතිය සේ
අරහත් වෙන්ට
නුඹ නෙළාගෙන යන්නේ නැතුවා ද
කවුරුත් ම දෙව්රමට.
ඉගිළී ඇවිත් සමනළයෙක්
මුව මඩල ඉඹ බැලුවේ නැතුවා ද
සාලිය සේ ආදරයෙන්
හැමෝටම අමතක
කුරාකුහුඹීන්ට
අව්වට
වැස්සට
මුතුකුඩය ඉහලුවේ නුඹය
සාස්තෲවරයෙකු සේ
එකපයින්
එක වේලක
තලුමරන ව්‍යන්ජනයකට
බෑ නොකියා ම
දිවි පුදන්නේ නුඹය
මැද්දුම බණ්ඩාර සේ
එඩිතර ව
මේ අහපන් මගෙ බිම්මල
හිස ඔසවා
උඹයි මගේ පරසතු මල
පෘථීවියේ පතුලින් ම ගෙල යොමා ඉපදුණ
පරනොවන සුවඳකින්
මගේ පපුව හෝදලා දමන
Subscribe to:
Post Comments (Atom)
කවුරුත් නොලිව්ව කවියක්..හැමෝටම අමතක වෙච්චි බිම්මල..විශිෂ්ඨයි.
ReplyDeleteඔවු.. බිම්මල පොලොව පලා ගෙන ආවත් එකත් සුන්දරයි..ඒ බව ඔබත් විදපු ඒක ගැන සතුටුයි...
ReplyDelete