Friday, June 24, 2011

5. බුලත් අම්මා


දූවිලි මඩපුවක් ගෙඩි
කැරකි කැරකී හමා යයි.
සැඩ අව්ව ගිරයට 
නගරය ම හසු ව ඇත.

උළා බුලත් කොළයෙහි
හමගැහුණු අතීතය
තලුමරන මහලු කිරිමව
හතරමං හන්දියේ
අම්බලමක් සේ ම වාඩි වී
අමුර්තය විකුණන !

කැමරා එළියකට හසු ව
ඡායා රූපයක්   වී
ආදරේ නහර වැල් පෙන්නමින්
රැය පුරා
කලාගාරයේ නිදිමරන්නී.
උදේ පාන්දර
මළකඩ කෑ කිලිටි දත් ටිකෙන්
නොකිලිටි හිනාවක්
සුරුවමට වඩාගන්නී.

සීනුව වදින කොට
ප්‍රාථමික ඉස්කෝලෙ ගේට්ටුව ළඟ
නවතියි ඇස් දෙක.
අනුන්ගේ දරුවන් දකින සඳ
මුණුබුරාගේ රූපයෙන්
අඟලින් අඟල පිරීයයි හදවත.

පින්තාලියක් වී හිටගෙන
වන සතුන් හැමෝට ම
ආදරේ මව්කිර තනන්නී.
කිල්ලෝට ලෝකයේ 
හුදකලා වන්නී.

බඩගින්න
ගෝනිකටු අනින කුසපොත්ත
ඉනිකෝටු අත් දෙකෙන් ඔසවගෙන
බුලත් විටක් විකුණා ගන්ට
අනේ මද්දහනෙ පාරමිතාවක් පුරන්නී !


1 comment:

  1. ඔයා හොඳට නිරීක්ෂණය කරලා ලියපු කවියක්..

    ReplyDelete